ඉගෙන ගන්න ලැජ්ජා වෙන්න එපා...!

? අලුත් දේවල් කරලා බලන්න ලැජ්ජා වෙන්න එපා
ගොඩක්ම ගැහැණු අය තමා මේ වැරැද්ද කරන්නේ. හැබැයි ඒ වැරැද්ද වෙන්න පිරිමිත් වග කියන්න ඕනා. මොකද එහෙම වෙන්නේ දෙන්නා අතරේ හොඳ සන්නිවේදනයක් නැති වෙන එකෙන්.
අලුතෙන් කරලා බලන්න හිතෙන සෙක්ස් ඉරියව්වක්, එහෙම නැත්නම් හිතේ තියෙන මොකක් හරි සෙක්ස් ෆැන්ටසි එකක්, ෆෙටිෂ් එකක් හැමෝටම වගේ ඇති. අදහසක් තිබ්බත් ඒ අදහස අනිත් කෙනාට කියලා අත්හදා බලන්න බැරුව හිතෙන් විතරක් විඳින අය ඕන තරම් ඉන්නවා.
ඔයාට ඒ විදියේ කරලා බලන්න ආස සෙක්ස් ෆැන්ටසියක් තියෙනවා නම් ඒක ඔයාගේ සහකරුට කියන්න. අපි හැමෝටම එක එක ෆැන්ටසි තියෙනවා. ඉතින් දෙන්නම ආස දේවල් දැනගන්න නම් ඉස්සෙල්ලම කතා කරලා ඉන්න වෙනවා. ඒ හින්දා ඒ දේවල් ගැන කියන්න ලජ්ජා වෙන්න වත්, එයා මම ගැන මොනා හිතයිද දන්නෑ වගේ දේවල් හිතන්න යන්න එපා. එයා එක්ක කතා කරලා බලන්න, ඔයාලා දෙන්නම කරන්න ආස දෙයක් හම්බෙයි.
? එක පාර දාන්න යන්න එපා
තමන් කන්න ආසම මොකක් හරි කෑමක් ගැන හිතන්න. ඒ කෑම කන එකෙන් තමා ඔයා ඒ සතුට ලබන්නේ. හැබැයි එහෙමයි කියලා එක පාරම කෑම කන්න බෑනේ. ඉස්සෙල්ල ඒක හදන්න ඕනා, නැත්නම් කොහෙන් හරි ගේන්න ඕන. ඊට පස්සේ ඒක දිහා බලලා රස විඳින්න ඕනා, ඊට පස්සේ සුවඳ විඳින්න ඕනා, අන්තිමට තමා කන්නේ.
ඉතින් ඒ වගේම තමා සෙක්ස් කරන එකත්. ආදරෙන් ළඟ ඉන්න, ආදරෙන් කතා කරන්න, සිප වැළඳ ගන්න, ස්පර්ශ කරන්න. සුරතාන්තය ලැබෙන්නේ අන්තිමට උනාට ඊට කලින් කරන දේවල් ටික නොසලකා හරින්න එපා.
ඇතුළට දාලා කරන්න කලින් foreplay/ පුර්ව ලිංගික ක්‍රියා ටිකත් හරියට කළා නම් ඔය ගොඩක් පිරිමින්ට තියෙන එයාට කලින් මට ගියානේ කියන ප්‍රශ්නේ සෑහෙන දුරට නැති කර ගන්න පුළුවන් සහ අවසානයේ දැනෙන සුරතාන්තය ගොඩක් ප්‍රභල කර ගන්න පුළුවන්. (intensify orgasm)
ඒ වගේම දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි නම් තාම උත්තේජනය වෙලා ඉන්නේ අනිත් කෙනාවත් සෙක්ස් කරන්න පොළඹවා ගන්න පුළුවන් foreplay වලින්.
? P0RN වල දකින සේරම ඇත්ත කියලා හිතන්න එපා.
දෙන්නත් එක්ක P0RN බලන එක ප්‍රශ්නයක් නෙමේ. P0RN බලලා ඔයාලා දෙන්නාගේ ලිංගික ජීවිතය තව ටිකක් රසවත් කර ගන්න පුළුවන්. ඒත් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ P0RN වල තියෙන දේ ඔයාලා ඔයාලගේ main course එක කර ගන්න ගියොත්.
මොකද ගොඩක් P0RN වීඩියෝ වල ඉන්නේ ඒ වගේ වීඩියෝ වල පෙනී ඉන්න එක තමන්ගේ වෘත්තිය කර ගත්ත අය. අනිත් දේ තමා ඒ ගොඩක් දුරට වීඩියෝ one take ගත්ත ඒවා නෙමේ. සැරින් සැරේ කෑලි කෑලි රේකෝඩ් කරලා අන්තිමේ edit කරපු වීඩියෝ තමා ඔය දකින්නේ. ඉතින් ඒ පෙන්නන දේවල් සාමාන්‍ය දෙන්නෙක්ට කරන්න බැරි වෙන එක සාධාරණයි.
ඒ වීඩියෝ වල වගේ එක දිගට ගොඩක් වෙලා කරන් යන්න බෑනේ. එයා බැක්සයිඩ් කරන්න ආස නෑනේ. මගේ එක ඒ වගේ දිග නෑනේ. මගේ පපුවයි, පස්සයි ඒ වීඩියෝ වල ඉන්න අයගේ වගේ ලොකු නෑනේ කියලා වද වෙන්න යන්න එපා. එහෙම නෑ තමා, එහෙම තියෙන්න ඕනත් නෑ.
මොකද ඔයාලා දෙන්න සෙක්ස් කරන්නේ ඔයාලගේ සතුට වෙනුවෙන් මිසක් තව අයගේ views වෙනුවෙන් නෙමේ. ඒ හින්දා ඔයාලා කරන දෙයින් උපරිම තෘප්තිමත් වෙන හැටි හොයා ගන්න.
? කාලසටහනකට හිර වෙන්න එපා.
ඔයාලා දෙන්නා කාලයක් තිස්සේ සෙක්ස් කරන දෙන්නෙක් නම් මේ වෙද්දී හොඳටම දන්නවා වැඩේ වෙන විදිය. ඉස්සෙල්ලම ඇඳුම් ගලෝනවා, ඊට පස්සේ කිස් කරනවා, අතගානවා, අන්තිමේ ඇතුලට දාලා කරලා යවනවා. හැමදාම වගේ ඔය කාලසටහන ඉවර වෙන්න යන වෙලාවත් ඔයාලා දන්නවා.
මුලදී සෙක්ස් කරන එක හරිම ආස හිතෙන දෙයක් වෙනවා. ඒත් කාලයක් යද්දී ඒ දේ එහෙමම වෙනවා නම් සෙක්ස් කරන එකට තියෙන ආසාව ටික ටික අඩු වෙනවා.
ඒ හින්දා නිතරම වෙනස්කම් කරන්න. ඉස්සෙල්ලම ඇඳුම් ගලෝලා කරන්න පටන් ගන්නේ නැතුව ඇඳුම් බාගෙට ඇඳගෙන කරලා බලන්න. කලින් කිව්ව foreplay එකේ කරන දේවල් අඩු වැඩි කරලා බලන්න.සංසර්ගය කරන්නේ නැතුව අතින් කරලා සුරතාන්තය ලබන්න.
පිළිවෙලක්, වෙලාවක්, එක තැනක්, එක ඉරියව්වක් තියා ගන්න එපා. ඒ දේවල් වෙනස් කරලා බලන්න.
? යන්න කලින් එළියට ගන්න පුළුවන්නේ කියලා හිතන්න එපා.
ස්වභාවික උපත් පාලන ක්‍රමයක් විදියට ගොඩක් දෙනෙක් කරන ශුක්‍රාණු පිට වෙන්න කලින් පුරුෂ ලිංගය යෝනියෙන් එළියට ගන්න එක අසාර්ථක උපත් පාලන ක්‍රමයක් වෙන්න ඉඩ තියෙනවා.
එහෙම වෙන්න පුළුවන් ලොකුම හේතුව තමා ඒ වෙලාවේ දැනෙන සංවේදනත් එක්ක අන්තිම මොහොතේ හිත වෙනස් වෙනවා, එක්කෝ ඕක එළියට ගන්න අමතක වෙනවා.
අත්දැකීම් අඩු කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඒ වැඩේ වරදින්න ඉඩ තියෙනවා.
ඒ වගේම යන්න කලින් එළියට ගන්න එක කරන්න ගියාම වෙන තව අවාසි තියෙනවා.
පුරුෂ ලිංගය ප්‍රාණවත්ව තියා ගන්න සහ ශුක්‍රාණු පිට කරන්න ඕන සංඥාව දෙන්නේ මොළයෙන්.
හැබැයි සෙක්ස් කරන වෙලාවට ශුක්‍රාණු ටික යන්න කලින් පුරුෂ ලිංගය එළියට ගන්න එක ගැන හිත හිතා හිටියොත් අවධානය නැති වෙලා, මොළෙන් ඕන කරන පණිවිඩේ හරියට දෙන්නේ නැති වුනොත් එහෙම ප්‍රාණවත් බව නැති වෙන්න සහ ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්.
ඒ හින්දා හොඳම දේ තමා කොන්ඩම් එකක් වගේ උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන එක.
වෙන දේවල් ගැන හිතන්නේ නැතුව ඒ වෙලාවේ දැනෙන සංවේදන ගැන විතරක් අවධානය දෙන්න ඒක උදව් වෙනවා.
? නිකන්ම ඇතුළට දාන්න එපා.
ගැහැණු කෙනෙක්ගේ යෝනියක් උත්තේජනය වුනාම සංසර්ගය ලේසි කරන්න ස්වභාවිකවම ඇඟේන් ලිහිසිකාරක විදියට ශ්‍රාවයක් නිපදවනවා.
ඊට අමතරව වෙළඳපලේ ගන්න තියෙන ලිහිසිකාරක/ lubricants පාවිච්චි කරනවා නම් තව දුරටත් සංසර්ගයේදී ඇති වෙන ඝර්ෂණය අඩු කරලා සංසර්ගය පහසු කරවනවා.
සමහර විට ඝර්ෂණය හින්දා පාවිච්චි කරන කොන්ඩම් පවා ඉරිලා යන්න හැකියාව තියෙනවා. ඒත් කොන්ඩම් එකක් එක්ක ලිහිසිකාරක පාවිච්චි කරනවා නම් කොන්ඩම් එක ඉරිලා යන එක නවත්ත ගන්න පුළුවන්.
කලින් කිව්වා සංසර්ගය ලේසි කරන්න යෝනි මාර්ගයෙන් ස්වාභාවිකවම ලිහිසිකාරක නිපදවනවා. ඒත් ගුද මාර්ගය කියන්න වියළි පරිසරයක්. ගුද මාර්ගයේ ඒ වගේ ස්වභාවික ලිහිසිකාරක නිපදවීමක් වෙන්නේ නෑ. ඒ හින්දා කෙනෙක් ගුද සංසර්ගය කරනවා නම් ලිහිසිකාරක පාවිච්චි කරන එක නම් අනිවාර්යයි.
ඒ වගේම කොන්ඩම් එකක් පාවිච්චි කරනවා උනත් ඒකත් එක්ක ලිහිසිකාරක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් තවත් වැඩේ පහසු කරනවා. මතක ඇතුව කොන්ඩම් එකක් එක්ක ජල ද්‍රාවි ලිහිසිකාරක/ water based lubricants විතරක් පාවිච්චි කරන්න.
තෙල් සහිත ලිහිසිකාරක/ oil based lubricants පාවිච්චි කලොත් කොන්ඩම් එක ඉරෙන්න පුළුවන්.
? කාන්තා සුරතාන්තය තියෙන්නේ ඇතුළට දාලා කරද්දී නෙමේ.
පිරිමින්ට සුරතාන්තය ලැබෙන්නේ සංසර්ගය කරද්දී හින්දත්, P0RN වල දකින දේවල් හින්දත් ගොඩක් පිරිමි මේ වැරැද්ද කරනවා. ගැහැණු කෙනෙක්ට සුරතාන්තයක් දෙන්න ඇතුලට දාලා එක දිගට කරගෙන යන්න ඕනා කියලා හිතුවට බහුතරයක් ගැහැණු අයට සුරතාන්තය ලැබෙන්නේ සංසර්ගයෙන් නෙමේ.
ගැහැණු කෙනෙක්ගේ ඇඟේ තියෙනවා clitoris කියලා එකක්. භගමණිය, ක්ලිට් එක, මෑ ඇටේ වගේ එක එක නම් කියනවා ඕකට. භගමණියට ඇඟේ පැවරිලා තියෙන එකම කාර්යය තමයි ලිංගික උත්තේජනය, ඒ හැර වෙන කිසිම වැඩක් කරන්න බැහැ භගමණියට.
ඔය භගමණියේ nerve endings/ ස්නායු අන්ත්‍ර 8,000ක් වගේ තියෙනවා කියලා විශ්වාස කරනවා. පුරුෂ ලිංගයක තියෙනවා කියලා විශ්වාස කරන්නේ ස්නායු අන්ත්‍ර 4,000ක් වගේ. ඒ කියන්නේ පිරිමි කෙනෙක්ට පුරුෂ ලිංගය උත්තේජනයෙන් ලැබෙන සතුට වගේ දෙගුණයක් සතුටක් ලබන්න තරම් අවශ්‍ය ස්නායු අන්ත්‍ර මේ භගමණියේ තියෙනවා.
භගමණිය පිහිටලා තියෙන්නේ යෝනි මාර්ගය ඇතුලේ නෙමේ. ඒකයි සාමාන්‍යයෙන් සංසර්ගය විතරක් කරද්දී භගමණිය උත්තේජනය වෙන්නේ නැත්තේ.
භගමණිය තියෙන තැන හොයා ගන්න ලේසියි. යෝනිය තොල් වලින් වැහිලා තියෙන්නේ. මේ යෝනි තොල් තට්ටු දෙකක් තියෙනවා. ඇතුලේ තියෙන යෝනි තොල් දෙක තියෙනවනේ. ඔන්න ඔය තොල් දෙක යෝනියේ උඩින් එකට සෙට් වෙන තැන තමයි භාගමණිය තියෙන්නේ, ප්‍රමාණයෙන් කඩල ඇටයක් වගේ බොහොම පොඩියි.
භගමණිය උත්තේජනය කරන්න ඇඟිලි සහ දිව පාවිච්චි කරන්න පුළුවන්. සංසර්ගය කරන වෙලාවට උනත් ඇඟිලි වලින් භගමණිය උත්තේජනය කරනවා නම් ගැහැණු කෙනාට සුරතාන්තය ලබා ගන්න ඒක උදව් වෙනවා.
? සාමාන්‍යයි කියල දෙයක් නැහැ.
අවසාන සහ වැදගත්ම දේ මේක.
ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍යයෙන් කොච්චර වෙලා සෙක්ස් කරන්න ඕනද?, ගැහැණු කෙනෙක්ව සතුටු කරන්න නම් පුරුෂ ලිංගය සාමාන්‍යයෙන් කොච්චර දිග වෙන්න ඕනද?, සංසර්ගයට කලින් සාමාන්‍යයෙන් foreplay එක කොච්චර වෙලා කරන්න ඕනද? ඔය වගේ ප්‍රශ්න.
ඔය හැම ප්‍රශ්නෙකටම මිනිස්සුන්ගෙන් එකතු කර ගත්ත දත්ත දිහා බලලා එක ඉලක්කමක් කියන්න පුළුවන්. ඒත් ඒක එක ඉලක්කමක් මිසක් ඒක හැමෝටම අදාළ කර ගන්න බෑ.
ඒ හින්දා ඔය අහන හැම ප්‍රශ්නෙකම සාමාන්‍ය කියලා දෙයක් නැහැ. ඒක එක එක්කෙනාගෙන් වෙනස් වෙනවා. ඔයාලා දෙන්නා කරන දෙයින් ඔයාලා දෙන්නා හොඳට සතුටු වෙනවා නම් සාමාන්‍ය මොකද්ද කියලා හොයන්න යන්න එපා. ඔයාලා කරගෙන ආව දේවල් ඒ විදියටම කරගෙන යන්න.
ඒ වගේම දැනට ඔයාලා දෙන්නා කරන දෙයින් ඒ තරම් සතුටු වෙන්නේ නැත්නම් ඒත් සාමාන්‍ය මොකද්ද කියලා හොයන්න යන්න එපා. ඔයාලා දෙන්නට දෙන්නා කැමති, අකමැති දේවල් හොයා ගන්න, අලුත් දේවල් අත්හදා බලන්න. තමන් තුලින් තමන්ගේ සතුට හොයා ගන්න. අනිත් අයගේ සාමාන්‍ය ගැන හිතලා තමන්ව සසඳන්න යන්න එපා.
.
උපුටා ගැනීමකි
Published by Chapa2003
2 years ago
Loading...
xHamster is adults only website!

The content available on xHamster may contain pornographic materials.

xHamster is strictly limited to those over 18 or of legal age in your jurisdiction, whichever is greater.

One of our core goals is to help parents restrict access to xHamster for minors, so we have ensured that xHamster is, and remains, fully compliant with the RTA (Restricted to Adults) code. This means that all access to the site can be blocked by simple parental control tools. It is important that responsible parents and guardians take the necessary steps to prevent minors from accessing unsuitable content online, especially age-restricted content.

Anyone with a minor in their household or under their supervision should implement basic parental control protections, including computer hardware and device settings, software installation, or ISP filtering services, to block your minors from accessing inappropriate content.